
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වර්ෂය සඳහා වන අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය අද (01) දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් මෙම වසරේ ජූලි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කරන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය අදාළ වේ.
මෙය අදාළ වීමට ස්ථාවර තැන්පතුවේ කාලය මාස 12 (වසරක්) වියයුතු අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියන 01ක් වියයුතුය.
මෙහිදී සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතයට 3% ක අමතර වාර්ෂික මුදලක් එකතු කරමින් හෝ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3% ක එකතු කිරීමක් සිදුවේ.
මෙම සම්පූර්ණ වැඩසටහන සඳහා අතිරේක පොළී ගෙවීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 30ක් වෙන්කර ඇත.
මෙම යෝජනා ක්‍රමයෙන් ප්රතිලාභ ලබාගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාවට පැමිණෙන ලෙස දනුමදෙනු ලැබේ.
ජාතික හැඳුනුම්පත සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළු අවශ්‍ය ලියකියවිලි භාවිත කරමින් මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීමේ හැකියාව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart