November 17, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු එරට ක්‍රියාත්මක වන ලොතරැයි දිනුම් ඇදීමකින් ඩිරාම් ලක්ෂයක මුදලක් දිනාගනිමින් දැන් ඩිරාම් මිලියන 100 ජැක්පොට් අදියරට පැමිණීමට සමත්ව තිබේ.

ඔහු ලොතරැයියට තරග කිරීම ආරම්භ කර ඇත්තේ ඩිරාම් 100ක් ජයග්‍රහණය කරමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොතරැයි දිනුම් ඇදීමේ Lucky Chance ජයග්‍රාහකයා ලෙස මෙලෙස අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගෙන තිබුණේ 29 හැවිරිදි යසිත ප්‍රසන්නයි.

ඔහුගේ මෙම ජයග්‍රාහී ගමන ආරම්භ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු සහ එකම නිල, රජය විසින් නියාමනය කරන ලද ලොතරැයිය සඳහා වන දැන්වීමක් දැකීමෙන් පසුවය.

“මම දවසක් Instagram එකේ දැන්වීමක් දැක්කා, පසුව මම UAE ලොතරැයියේ ලියාපදිංචි වුණා,” යනුවෙන් ඔහු දිනුම් ඇදීමේ මැදිරියේදී පැවසීය.

නමුත් ඊළඟට සිදු වූ දෙය ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි.

“මම සජීවී දිනුම් ඇදීම නැරඹුවේ නැහැ. මට දැන් විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් ලැබුණා, පසුව මම එය ක්ලික් කළා, මට පෙනුණේ මම ඩිරාම් 100,000 ක් දිනා ඇති බව. මට පුදුම හිතුණා.” යනුවෙන් ඔහු පැවසීය.

ජීවිතය වෙනස් කරන මෙම ජයග්‍රහණයත් සමඟ, පළමුව කුමක් සිදුකරන්නේ ද යන්න ප්‍රසන්න දැනටමත් තීරණය කර තිබේ.

“මම මගේ අම්මයි තාත්තයි එක්ක ශ්‍රී ලංකාවට යන්න සැලසුම් කරනවා,” ඔහු පැවසීය.

“මම ව්‍යාපාරයක ආයෝජනය කරන්නත් සැලසුම් කරනවා. ඊළඟ වතාවේ, සමහරවිට අපි නැවත ජැක්පොට් එකේදී හමුවෙයි. සිහින මවන්න තරම් එඩිතර වෙන්න ඕනේ.” යනුවෙන් ඔහු පැවසීය.