
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරළී මියගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්රී ලංකාවේ මස්කෙළිය, බ්රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නමැති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා දැනට වසර එකහමාරකට පමණ ප්රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.
එහිදී ඔහු අවන්හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටී ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.
ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිළිස්සීයෑම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් පසුවෙද්දී මියගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පවසති.
මියගිය අයගේ අවසන් කටයුතු අද (12) බ්රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart