
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක් අයකු මරණයට පත්කරමින්, පස්දෙනකුට තුවාල සිදුකරමින් ඊයේ(29) රාත්‍රියේ කිරිඇල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් 24 හැවිරිදි ව්‍යාපාරිකයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් අපරික්ෂාකාරී ලෙස පැදවූ ඩිෆෙන්ඩර් ජීප් රථයක් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, පානදුර සිට රත්නපුර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් ජීප් රථය කිරිඇල්ල, ඉඩංගොඩ ප්‍රදේශයේදී වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ඩිෆෙන්ඩර් ජීප් රථයේ රියදුරු, මෝටර් රථ රියදුරු, ඔහුගේ බිරිඳ, ඔවුන්ගේ තුන් හැවිරිදි දරුවා සහ යතුරුපැදියේ රියදුරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබේ.
ඔවුන් වහාම කිරිඇල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 35 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් ජීප් රථයේ පුද්ගලයින් සිව්දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහු හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart