
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ මෝටර් රථයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදාගත් බවට එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
ඊයේ ප්‍රමුඛ පුවත්පත් ඇතුළු වාර්තා ගණනාවක් ඔස්සේ වාර්තා කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ මෝටර් රථයක් භාවිත කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය මෙසේ පවසයි.
“ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන අංශයට අයත් රථයක් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වූවකි.
අනුරාධපුරයේ දී 2024 අගෝස්තු 21 දින පැවැති මංගල ප්‍රචාරක රැලිය සඳහා අප දැනුවත්ව ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) රථයක් යොදාගෙන නැත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂණයෙන් ද මෙම චෝදනාව දේශපාලනික එදිරිවාදිකම් අනුව යමින් සිදු කළ අසත්‍ය චෝදනාවක් බව හෙළිව ඇතැයි අප වෙත දැනගැනීමට ලැබී තිබේ.
එසේ වුවද ඕනෑම පරික්ෂණයක් සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සූදානම්ය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart