
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා වගකිවයුතු ආයතනවලින් අවසර ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසර ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
එලෙස ලබාගත් අවසරය අදාළ බල ප්‍රදේශයේ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසරය හිමිවෙයි.
අදාළ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවද ඒ බව පොලිස් ස්ථානයට දැනුම්දිය යුතුය.
පසුගියදා ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව මළ සිරුරක් සොයාගැනීමෙන් පසු ඊයේ(04) පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart