
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාමය හෝ යුද්ධය අතර තේරීමකට ලෝකය මුහුණ දී සිටින බවට එරට විශාලතම හමුදා පෙළපාළිය පවත්වමින් චීන ජනාධිපති ෂී ජින්පින් අනතුරු ඇඟවීය.
රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් ද එම අවස්ථාවට සහභාගී වී තිබිණි.
දෙවැනි ලෝක යුද්ධය අවසානයේ ජපානය පරාජය වී වසර 80ක් සනිටුහන් කිරීම සඳහා පැවති මෙම උත්සවය බටහිර නායකයන් විසින් බොහෝ දුරට ප්‍රතික්ෂේප කර ඇත.
යුක්රේන යුද්ධය සහ කිම්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් හේතුවෙන් පුටින් සහ කිම් උත්සවයේ ගෞරවනීය අමුත්තන් වී තිබිණි.
චීනයේ මිලිටරි ශක්තිය සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම ප්රක්ෂේපණය කිරීම සඳහා හමුදා පෙළපාළිය නිර්මාණය කර ඇත.
“අද, මානව වර්ගයා සාමය හෝ යුද්ධය, සංවාදය හෝ ගැටුම, ජයග්‍රහණය හෝ පූර්ණ පරාජය යන තේරීමකට මුහුණ දී සිටිනවා,” යැයි ටියැන්මන් චතුරශ්‍රයේ 50,000කට අධික නරඹන්නන් පිරිසක් හමුවේ ෂී පැවසීය.
ඉන්පසු ෂී, විවෘත ලිමොසින් රථයක නැග, භට පිරිස් සහ මිසයිල, ටැංකි සහ ඩ්‍රෝන යානා වැනි අති නවීන හමුදා උපකරණ පරීක්ෂා කළේය.
විනාඩි 70ක ප්‍රදර්ශන පෙළපාලිය අතරතුර විශාල බැනර් සහ ප්‍රහාරක ජෙට් යානා පසුපස හෙලිකොප්ටර් පෙළ ගැසී පියාසර කළ අතර එය සංකේතාත්මක හා ප්රචාරක කටයුතුවලින් පිරී තිබිණි.
සාම පරෙවියන් 80,000ක් සහ වර්ණවත් බැලූන් මුදා හැරීමෙන් පෙළපාලිය අවසන් විය.
හිටපු නායක මාඕ සේතුං විසින් පැළඳ සිටි ඇඳුමේ විලාසිතාවේ ඇඳුමක් ඇඳ සිටි ෂී, නායකයන් 20කට වැඩි පිරිසකට “ඔබව හමුවීම සතුටක්” සහ “චීනයට සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් ඉංග්‍රීසියෙන් පැවසීය.
පුළුල් විරෝධතාවලට මුහුණ දුන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ ද මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.
චීන පෙළපාළිය ආරම්භ වන විට ට්‍රම්ප්, Truth Social හි සටහනක් තබමින් චීනය ජපානයෙන් නිදහස ලබා ගැනීමට උදව් කිරීමේදී එක්සත් ජනපදයේ කාර්යභාරය ඉස්මතු කළේය.
“ඔබ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන විට, කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන්න,” යනුවෙන් ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart