
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 මැයි 9 වන දින ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වීම පදනම් කරගෙන, හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සහ තවත් කිහිප දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අද(22) අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කරුවන් විසින්ම ඉල්ලා අස්කර ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රතිඥාවකට අනුව පෙත්සම්කරුවන් සිය අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart