September 9, 2026

සරම්ප රෝගය මුලිනුපුටා දැමීමට ආසන්නව සිටි බංග්ලාදේශය මේ වන විට ලෝකයේ දරුණුතම සරම්ප වසංගත තත්ත්වයට මුහුණ දී සිටින අතර, පසුගිය මාර්තු මාසයේ සිට එරටින් සරම්ප ආශ්‍රිත මරණ 999ක් වාර්තා වී තිබේ.

අමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලට අනුව බංග්ලාදේශය මේ වන විට ලෝකයේ පවතින විශාලතම සරම්ප වසංගත කේන්ද්‍රස්ථානය වී ඇත.

හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට එරෙහි නැගිටීමෙන් පසු රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය හමුවේ 2024 සහ 2025 වසරවල නිත්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අඩාල වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

රෝහල්වල ඉඩකඩ මදභාවය සහ ඖෂධ හිඟය මධ්‍යයේ සැකකටයුතු සහ තහවුරු කළ රෝගීන් 166,000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර, මාස 9ට අඩු කුඩා දරුවන් ඇතුළු පිරිස දැඩි අවදානමකට ලක්ව සිටිති.