
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
A කාණ්ඩයේ එක්දින තරගයකදී ලකුණු 574/6ක් ලබාගනිමින් ඉන්දියාවේ බිහාර් කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ලෝක වාර්තා කිහිපයක් අලුත් කළේය.
එම තරගයේදී පන්දු 84 කින් ලකුණු 190 ක් ලබා ගනිමින් වෛභව් සූර්යවංශිද වාර්තා පොත අලුත් කළේය.
විජේ හසාරේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව පන්දු 36කින් ශතකයක් රැස් කිරීමට සූර්යවංශි සමත් වූයේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි.
අවුරුදු 14 දින 272ක් පසුකර ඇති සූර්වංශි මේ තරගයේදී සිය ඉනිම ලකුණු 190ක් දක්වා ඉදිරියට ගෙන ගිය අතර, පන්දු 59කින් ලකුණු 150 සහ පන්දු 84කින් ලකුණු 190 රැස්කළේය.
මේ ශතකය සමඟ ‘ඒ’ කාණ්ඩයේ එක්දින තරගයකදී ශතකයක් රැස් කළ ලොව ළාබාලතම ක්‍රීඩකයා ලෙස සූර්යවංශි වාර්තා පොතට එක් විය. එමෙන්ම පන්දු 59කින් ලකුණු 150 වාර්තා වීමත් සමඟ ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර නොවන තරගයකදී වේගවත්ම ලකුණු 150 රැස් කළ පිතිකරු බවට ද ඔහු පත් විය.
මින් පෙර දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් 2015 වසරේ කොදෙව්වන්ට එරෙහිව පන්දු 64කින් ලකුණු 150 රැස්කර තිබිණි.
මේ තරගයේදී කිබුල් ගානි නොදැවී ලකුණු 128ක් සහ ආයුෂ් ලෝහාරුක ලකුණු 116ක් රැස්කළ අතර, ඒ හේතුවෙන් බිහාර් පිල ඕවර 50 අවසානයේ ලකුණු 574ක් රැස් කිරීමට සමත් විය.
මෙය පිරිමි ක්‍රිකට් තරගවලදී ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
මින් පෙර තමිල්නාඩු පිල ඕවර 50කදී කඩුලු 2කට ලකුණු 506ක් රැස් කරමින් 2022 වසරේදී මේ වාර්තාව පිහිටුවා තිබිණි.
ඒ කාණ්ඩයේ තරගයකදී මෙය දෙවැනි වන්නේ 2007 වසරේ ශ්‍රී ලංකාවේ පැවති කාන්තා දේශීය එක්දින තරගයකදී ශ්‍රී ලංකාවේ පුෂ්පදාන කාන්තා පිලට එරෙහි මහනුවර කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4කට රැස්කළ ලකුණු 632කට පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart