
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අරඹමින් තරග 2ක් මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ විය.
පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ සහ නේපාලය අතරයි.
එම තරගයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය.
තරගය පැවැත්වෙන්නේ හරාහේ හිදීය.
දෙවන තරගය එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර බුලවායෝ හි දී ආරම්භ විය.
තරගයේ කාසිය වාසිය දිනූ එක්සත් ජනපද නායකයා පළමුව පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළේය.
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භවන ලෝක කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ස්ථාන 2ක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගාවලියේදී කණ්ඩායම් 10ක් කාණ්ඩ 2ක් යටතේ තරග වදිති.
තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය හෙට පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart