
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනිමින් අවසන් 32 වටයේ තරග මේ වන විට ක්‍රියාත්මක වේ. එහිදී ලෝක පාපන්දු ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරමින් සිව් වතාවක් ලෝක ශූරයින් වූ ප්‍රබල ජර්මනිය තරගාවලියෙන් ඉවතට විසිකිරීමට පැරගුවේ කණ්ඩායම සමත් විය.
මේ අතර, ජපානය සමඟ පැවැති තියුණු තරගයකින් විශිෂ්ට ජයක් ලැබූ බ්‍රසීලය ද අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගාවලිය ආරම්භයේදී ඇතැම් ජර්මන් ප්‍රේක්ෂකයින් දකුණු ඇමරිකානු කලාපයේ කණ්ඩායම් ‘දුර්වලයන්’ ලෙස හඳුන්වමින් උපහාසයට ලක්කළහ. එම කලාපයෙන් කණ්ඩායම් 6ක් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ගැන පවා ඔවුන් ප්‍රශ්න කළහ. එහෙත්, තමන්ගේ කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් සාර්ථක ආරම්භයක් ලබා සිටි ජර්මනියට, අවසන් 32 වටයේදී පැරගුවේ කණ්ඩායමෙන් එල්ල වූයේ කිසිසේත් අපේක්ෂා නොකළ ප්‍රහාරයකි.
නියමිත කාලය අවසන් වන විට දෙපිලම 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවීම නිසා තරගය අතිරේක කාලය කරා ඇදී ගියේය. මෙය මෙවර ලෝක කුසලානයේ අතිරේක කාලය දක්වා ඇදුණු පළමු තරගයයි. අතිරේක කාලයේදී ජර්මනිය ගෝලයක් ලබා ගත්තද, එය නීති විරෝධී ක්‍රීඩා රටාවක් හේතුවෙන් අවලංගු විය.
පසුව තරගයේ ප්‍රතිඵලය තීරණය කිරීම සඳහා දඬුවම් පහර වටය වෙත යාමට සිදු වූ අතර, වට 6 ක දීර්ඝ සටනකින් පසු 4-3 ක් ලෙස ජර්මනිය පරදා පැරගුවේ අවසන් 16 වටයට පිවිසියේය. 2010 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලානයකට පැමිණි පැරගුවේ, කිසිදු කණ්ඩායමක් අවතක්සේරු කළ නොහැකි බව යළිත් ඔප්පු කළේය. මේ සමඟ ජර්මනියට 2014 ලෝක ශූරතාවයෙන් පසු තවමත් ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක තරගයක් ජය ගැනීමට නොහැකි වී තිබේ.
මුළු ලෝකයේම අවධානය දිනාගත් අනෙක් තරගය වූයේ බ්‍රසීලය සහ ජපානය අතර තරගයයි. තරගයට පෙර ජපාන ප්‍රේක්ෂකයින් විශ්වාස කළේ මෙය ඉතිහාසයේ ඔවුන් සතු හොඳම ලෝක කුසලාන සංචිතය බවයි. ඒ හේතුවෙන්ම බ්‍රසීලය පසු වූයේ දැඩි පීඩනයකය.
බලාපොරොත්තු වූ පරිදිම තරගයේ 29 වන විනාඩියේදී සුපිරි ගෝලයක් වාර්තා කළ ජපානයේ කයිෂෝ සනෝ, පළමු අර්ධය 1-0 ක් ලෙස ජපානයට වාසි ගෙනදෙමින් නිමා කළේ බ්‍රසීල පසුපෙළ දෙදරුම් කවමිනි.
එහෙත් දෙවන අර්ධයේදී පිටියට පිවිසියේ වෙනස්ම බ්‍රසීල කණ්ඩායමකි. බ්‍රසීලයට මෙම ජීවය ලබාදුන්නේ ඔවුන්ගේ සුපිරි පුහුණුකරු, පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටයෙකු වන කාලෝ ඇන්සොලෙට්ටි ය. “මාෆියා බොස්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහු, තරු නිර්මාණය කිරීමට මෙන්ම නේමාර් නොමැතිව වුවද කණ්ඩායමට ජයග්‍රාහී මානසිකත්වයක් දීමට සමත් විය.
56 වන විනාඩියේදී කැසමීරෝ ලබාගත් ගෝලයෙන් තරගය 1-1 ක් ලෙස සමවිය.
ගේබ්රියෙල් මාර්ටිනෙල්ලි අවසන් මොහොතේ වාර්තා කළ සුපිරි ගෝලයෙන් බ්‍රසීලය 2-1 ක ජයක් තහවුරු කරගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය අවසන් 16 වටයට සුදුසුකම් ලැබූ අතර, ජපානයට තමන්ගේ ලෝක කුසලාන සිහිනය තවත් වසර 4කට කල්දැමීමට සිදුවිය. ජපානය මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ වටයක තරගයක් ජයගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart