
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය කටයුතු පිළිබඳ ආයතනය (Institute of International Finance – IIF) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ලොව වේගයෙන්ම ප්‍රගතිය අත්කර ගන්නා රටවල් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක්ව තිබේ.
2026 IIF ආයෝජක සබඳතා සහ ණය පාරදෘශ්‍යතා වාර්තාවට අනුව, වේගයෙන්ම ප්‍රගතිය අත්කර ගන්නා රටවල් අතුරින් ගෝලීය වශයෙන් 04 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
එම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය වියට්නාමය හිමිකර ගෙන ඇති අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් බෙලීස් (Belize) සහ මොසැම්බික් යන රටවලට හිමිව තිබේ.
ශ්‍රී ලංකාව ණය පාරදෘශ්‍යතාව සහ ආයෝජක සබඳතා ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්රවල සැළකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව IIF ආයතනය පෙන්වා දෙයි.
තවද, ණය පාරදෘශ්‍යතාව සම්බන්ධයෙන් වන ගෝලීය ශ්‍රේණිගත කිරීම් අතරින් 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, එය රටේ මූල්‍ය පාලනය සහ ආයෝජක විශ්වාසය තහවුරු කිරීම සඳහා ගෙන යන නිරන්තර වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය පිළිඹිඹු කරන්නකි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart