
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීපුර ප්‍රදේශයෙන් ඉකුත් අගෝස්තු 08 වැනි දින වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර සැපැයූ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම වෙඩි තැබීම ඩුබායි හි සිටින පාතාල නායකයකුගේ අනුදැනුම මත සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ, ගැමුණුපුර ප්‍රදේශයේ පිල්ලයාර් හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පසුව ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සැකකරුවන් 6 දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 20ත් 47ත් අතර වයස්වල පසුවන වැලිඔය, පදවිය, කැබිතිගොල්ලෑව සහ පරාක්‍රමපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය පැවසීය.
පෞද්ගලික ආරවුලක් මත පාතාල නායක කංකානම්ගේ ප්‍රියන්ත ගුණසීර් නොහොත් පාතල ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි පැවැසේ.
සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා අපේක්ෂිත ඉලක්කය නොවන බවත්, ඉලක්කය වී තිබුණේ වෙනත් පුද්ගලයෙකු බවත් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart