
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල මූලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට සහ ඉඩකඩ හිඟයට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, රුපියල් බිලියන 12ක දැවැන්ත පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත නව අංගසම්පූර්ණ රෝහල් සංකීර්ණය ඉදිකිරීමට නියමිත භූමිය ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක්විය.
දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි, වෛද්‍ය නිලධාරී (සැලසුම්) වෛද්‍ය අරුණ කුමාරද මෙම අවස්ථාවට එක් වෙමින් ඉඩමේ ප්‍රධාන සැලස්මට අනුව ඉඩමේ පිහිටීම මෙන්ම සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොහොරන්වැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රංගිරි දඹුලු රජමහා විහාරය විසින් වෙන්කරන ලද අක්කර 05 ක පමණ භූමි භාගයක් රෝහල ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත.
ව්‍යාපෘතියේ මූලික සැලසුම්, ඉංජිනේරු වාර්තා මෙන්ම ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කරමින් ඉඩමේ මූලික සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව ද පෙන්වාදී තිබේ.
දඹුල්ල නගරය ආර්ථික, සංචාරක මෙන්ම ප්‍රවාහන අතින් ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වන බැවින්, රෝහල නව භූමියේ ස්ථාපිත කිරීම තුළින් මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 04 ක ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසෙනු ඇත.
මීට අමතරව, රෝහල නව පරිශ්‍රයට ගෙන යාමෙන් පසු දැනට රෝහල පිහිටා ඇති භූමිය දඹුල්ල නගර සංවර්ධන ප්‍රධාන සැලසුම (2022–2032) යටතේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart