
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් හමුව ඇත.
දේශපාලනයේ කාන්තා නායකත්වය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කාන්තා මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිධූරය දැරූ ජසින්ඩා ආර්ඩන් සිය පාලන සමයේදී ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ තම රට මෙහෙයවීමේ අත්දැකීම් බෙදාහදා ගෙන ඇත.
විශේෂයෙන්ම දරුවන් රැකබලා ගැනීමට රැකියාව අතහැර ගිය කාන්තාවන්ට නැවත රැකියා වෙළෙඳපොළට පැමිණීමට අවස්ථාව ලබාදීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිපත්ති, වැටුප් සමානාත්මතාවය ඇති කිරීමට ගත් ක්‍රියාමාර්ග, දරිද්‍රතාවය අඩු කිරීම, දරු ප්‍රසූතියකදී ගෙවන මාපිය නිවාඩු වැනි කරුණු කෙරෙහි මන්ත්‍රීවරියන්ගේ අවධානය මෙහිදී යොමුව තිබේ.
එමෙන්ම සිවිල් විවාහ ප්‍රතිසංස්කරණ සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ විශ්‍රාම ගැන්වීම සඳහා මුදල් ඉතිරි කරගැනීමට කාන්තාවන් දිරිමත් කිරීම ඇතුළු සිය පාලන කාලය තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නවසීලන්තයේ පළමු කාන්තා අගමැතිනිය වන හෙලන් ක්ලාක් තම දේශපාලන අත්දැකීම් බෙදාගෙන ඇත.
ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය පිළිගැනීම සඳහා නවසීලන්තයේ ‘මඕරි’ ප්‍රජාව නියෝජනය කරමින් සංස්කෘතික උත්සවයක් ද මෙහි සංවිධානය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart