
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන දේශසීමා ආසන්නයේ සරණාගත කඳවුරකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මියන්මාරයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනකු මියගොස් ඇති බවත් ප්‍රහාරයට පාලක හමුදාව වගකිවයුතු බවත්විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රට පුරා විරෝධතා ව්‍යාපාරයක් සහ සන්නද්ධ ජනවාර්ගික කණ්ඩායම් සමඟ ගැටුමක් ඇති කළ 2021 කුමන්ත්රණයකින් හමුදා ජුන්ටාව බලය අල්ලා ගැනීමෙන් පසු මෙම ප්‍රහාරය සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තිකම එකකි.
සඳුදා මධ්‍යම රාත්‍රියට ආසන්නව කචින් ප්‍රාන්තයේ සිදු වූ ෂෙල් ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ තවත් විදෙස් පාර්ශව රැසක් හමුදා පාලනයට දොස් පවරා ඇත.
එක්සත් ජනපදයද මෙම ප්‍රහාරය පිළිබඳව “දැඩි කනස්සල්ලට” පත් වූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
වසර ගණනාවක් තිස්සේ මියන්මාර හමුදාව සමඟ ගැටුමක් ඇති කචින් නිදහස් හමුදාව (KIA) විසින් පවත්වාගෙන යනු ලබන ලයිසා නගරයේ කඳවුරක සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා වූ කඳවුරකට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා සඳහන් කරයි.
වාර්තාවන්ට අනුව පුද්ගලයන් 30 ක් පමණ මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart