
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ ඊයේ (21) සවස 3.00ට පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටළීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන කාන්තාවක් බෝතලයකින් ඇනීම හේතුවෙන් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙසේ පහර කා ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයෙන්වරුන් දෙදෙනෙකි.
එම කාන්තාව බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වම් හා දකුණු අත ප්‍රදේශයට ඇනීමෙන් සිදුව තිබෙන තුවාල හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකපිට කඩවතමඩුව නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, උක්කුං අක්කා යන නමින් හඳුන්වන නීති විරෝධී අරක්කු අලෙවියට ප්‍රසිද්ධව සිටින හතළිස්පස් වියැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අද (22) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart