
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ අවට නගරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම පිළිබඳ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය බරපතළ කණස්සල්ල පළකර තිබේ.
මෑත කාලීන තොරතුරු මගින් කණස්සල්ලට කරුණක් පෙන්නුම් කරන බවත්, ගැහැණු ළමුන් සහ තරුණියන් වැඩි වැඩියෙන් විවිධ ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම භයානක අනුපාතයකින් සිදුවන බවත් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවාය.
පොලිසිය, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දත්තවලට අනුව, කාන්තාවන් අතර අයිස් මත්ද්‍රව්‍ය, පෙති, මධ්‍යසාර සහ සිගරට් භාවිතයේ සැළකිව යුතු වැඩිවීමක් දක්නට ලැබේ.
ගර්භණී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ඔවුන්ගේ දරුවන්ගේ බුද්ධිමය හා ශාරීරික සංවර්ධනයට සැළකිව යුතු තර්ජනයක් එල්ල කරන බවට ද අමාත්‍යවරිය අනතුරු ඇඟවූවාය.
වර්ධනය වෙමින් තිබෙන මෙම ගැටලුව විසඳීමට සහ අවශ්‍ය සහාය සහ පුනරුත්ථාපන පියවර සැපයීම සඳහා අමාත්‍යාංශය දැනටමත් විශේෂ වැඩසටහනක් සකස් කිරීම ආරම්භ කර ඇති බව ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart