
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ විනය විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන් වහන්සේලාට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම සහ මහා සංඝරත්නයේ විනය පවත්වාගෙන යෑම සඳහා ‘බෞද්ධ විහාර දේවාලගම් පනත’ කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න ප්‍රකාශ කරයි.
මේ සඳහා වන විශේෂ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ත්‍රෛනිකායික මහා සංඝ සභාවන්හි ලේඛකාධිකාරී නාහිමිවරුන්ගෙන් කැඳවා ඇති බවත්, එම වාර්තාව අද හෙටම තමන් වෙත ලැබීමට නියමිත බවත් හෙතෙම සඳහන් කරයි.
පවත්නා නීතිමය තත්ත්වය හමුවේ යම් යම් විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මගින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවද, අදාළ පුද්ගලයන් තවදුරටත් චීවරය දරාගනිමින් විවිධ කටයුතුවල නිරත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදෙයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ලෙස ‘සංඝාධිකරණයක්’ වැනි ව්‍යුහයක් හරහා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි නව සංශෝධන පනතට ඇතුළත් කිරීමට නියමිතය.
මෙම සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අතර පසුගිය දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී පැහැදිලි එකඟතා කිහිපයකටම පැමිණ තිබේ.
“නීතිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතා සියල්ල අප මේ වන විටත් මහා සංඝ සභාවල ලේඛකාධිකාරී හිමිවරුන් වෙත භාර දී තිබෙනවා. ඒ අනුව මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන්හි අදහස් හා යෝජනාද ලබාගෙන, වර්තමාන කාලයට ගැළපෙන පරිදි මෙම පනත් කෙටුම්පත සකස් කරනවා,” යැයි ගාමිණී සේනාරත්න වැඩිදුරටත් පවසයි.
ලේඛකාධිකාරී හිමිවරුන්ගේ නිර්දේශ සහිත වාර්තාව ලැබුණු වහාම, බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත අවසන් වශයෙන් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart