
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමාගේ මරණය බ්‍රිතාන්‍යයේ දිවංගත ඩයනා කුමරියගේ මරණය හා සමාන හදිසි අනතුරකින් සිදුවීමට ඉඩකඩ පවතින බවයි.
ඇමරිකාව පදනම් කරගත් සී.අයි.ඒ.ය සම්බන්ධයෙන් ඉඟියක් ලබාදෙමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ, කුමන ආකාරයකින් හෝ ඔප්පු නොවන ආකාරයට මෙම අනතුර සිදු විය හැකි බව යි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට එරෙහි තමාගේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාවට සම්බන්ධ ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අලුතින් එළිදැක්වූ ග්‍රන්ථයේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart