
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උත්තර ලංකා සභාගයෙන් ඉවත්වීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර ඇත. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28 වැනිදා) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
උත්තර සභාගය සමාජවාදී ගමනක් යනවා වෙනුවට දකුණේ ධනපති ක්‍රමයට ගමන් කිරීම හේතුවෙන් ඉන් ඉවත්වීමට සමාජවාදී පක්ෂය තීරණය කර ඇත.
උත්තර ලංකා සභාගය මෙරට ක්‍රියාත්මක වාමාංශික ඇතුළු පක්ෂ හතක් විසින් පිහිටුවාගත් සංවිධානයකි. ප්‍රජාතන්ත්‍රවාදී වාංමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව සහ යුතුකම ජාතික සංවිධානය උත්තර ලංකා සභාගයේ සාමාජික පක්ෂ වේ. මෙම සභාගයට අයත් මන්ත්‍රිධුර සංඛ්‍යාව 15 කි.
උත්තර ලංකා සභාගයේ පළමු සමුළුව ඉකුත් වසරේ (2022) සැප්තැම්බර් මස 04 වැනිදා පැවැත්විණි.
උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභාවේ ක්‍රියාකාරීන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අතුරලියේ රතන හිමියන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් කටයුතු කරති.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart