
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛන වලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංගනය කිරීම වෙනුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරිණි.
කෙසේවෙතත් අදාල ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය වෙනස් කිරීම්වලට ලක්කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.
ඒ අනුව අදාළ තහනම් නියෝගය එම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන වගඋත්තරකාර ටිල්වින් සිල්වාගේ ලේඛනවලට පමණක් පමණක් සීමාකරන බවත් නියෝගයේ ප්‍රකාශ විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
අදාල ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීමේදී විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ලේඛන ගණනාවක් ඊට ඇතුළත් කර ඇති බවත්, ඒ තුළින් සිය බුද්ධිමය දේපල පිළිබඳ අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා විසින් වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.
එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය මේ තුළින් පැමිණිලිකාර ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය වී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසත් විමල් වීරවංශට නියෝග කර තිබිණි.
එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
එම අභියාචනය විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල මෙම වග උත්තරකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස වාණිජ මහාධිකරණය විසින් පෙත්සම්කරුට දි තිබෙන නියෝගය සම්බන්ධයෙන් සිය අධිකරණය මැදිහත්වීමක් නොකරන බව ප්‍රකාශ කළේය.
වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ලෙස කරුණු අධ්‍යයනය කරමින් එම තීරණය ලබා දී තිබෙන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළහ.
කෙසේවෙතත් පෙත්සම්කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් දී තිබෙන අතුරු නියෝගය වෙනස්කිරීම්වලට ලක්කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල, ඒ අනුව අදාළ තහනම් නියෝගය අදාල ග්රන්ථයට ඇතුළත් කර තිබෙන වගඋත්තරකාර ටිල්වින් සිල්වාට අයත් ලේඛනවලට පමණක් සීමාකරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart