
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඇතැම් අධිකරණවල නීතිමය ක්‍රියාදාමයන් සඳහා සහ වාර්තා පවත්වාගෙන යෑම සඳහා ඉංග්‍රීසි භාෂාව සළකා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
වාණිජ කටයුතුවලට අදාළ කරුණු ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත වන අතර එම අන්තර්ගතයන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා සැළකිව යුතු පිරිවැයක් සහ කාලයක් අවශ්‍ය බව රජය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් වාණිජ ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම නිසා ව්‍යවසායකත්වය ලබා ගැනීමේදී එය අවාසිදායක වන බවත් රටක ව්‍යවසායන්වලට අදාළ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළ ස්ථානයකට පැමිණීමට ද මෙම තත්ත්වය බලපා ඇති බවත් රජය ප්‍රකාශ කරයි.
ඊට පිළියමක් ලෙස පිළිගත් අධිකරණවල හෝ නීතිමය වාර්තාවල ඇති සියලුම ක්‍රියාකාරකම් සහ එහි නිශ්චිතව සඳහන් කර ඇති ක්‍රියාදාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 (4) ප්‍රඥප්තියට සමගාමීව, කැබිනට් අනුමැතිය ඇතිව අධිකරණ ඇමැතිවරයා විසින් ඉංග්‍රීසි භාෂාව භාවිතයට අවසර දෙමින් නියෝගයක් නිකුත් කිරීම සුදුසු බව පිළිගෙන තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart