
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පාප්වහන්සේ ලෙස Robert Francis Prevost කාදිනල්තුමන් ලියෝ XIV තේරී පත්වුණේ එම පදවියට පත්වූ පළමු අමෙරිකානුවා ලෙසයි.
එහෙත් උන්වහන්සේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධය පළකිරීම අමෙරිකාව තුළ දැඩි ලෙස කතාබහක් නිර්මාණය කර තිබේ.
ලියෝ XIV පාප්වහන්සේ ද, ස්වර්ගස්ථ වූ පළමුවැනි ෆ්‍රැන්සිසි පාප්වහන්සේ මෙන් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියට විරෝධයක් පළකරන බව පැවැසේ.
එබැවින් ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ අමෙරිකාවේ ඇතැම් ප්‍රමුඛ දේශපාලඥයන් පවසන්නේ, ලියෝ පාප්වහන්සේ පළමු අමෙරිකානු පාප් වුව ද උන්වහන්සේට ”අමෙරිකාව පළමු” නොවන බවයි.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ලියෝ පාප්වහන්සේගේ තේරී පත්වීම එක්සත් ජනපදයට “මහත් ගෞරවයක්” බවයි.
එසේවුවද, ට්‍රම්ප්ගේ ප්‍රමුඛතම ආධාරකරුවන් සමහරක් ලියෝ පාප් වහන්සේට එතරම් කැමැත්තක් පළකර නොමැත.
ලියෝ පාප්වහන්සේගේ තේරී පත්වීම ගැන කතාකරමින් ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන උපායමාර්ගික ස්ටීව් බැනන් පැවසුවේ, ට්‍රම්ප්ට එරෙහිව ප්‍රකාශයන් සිදුකර ඇති කෙනකු පාප්වරයා ලෙස තෝරාගැනීම තමන්ට කම්පනයක් බවයි.
එමෙන්ම ලියෝ පාප්වහන්සේ සහ ට්‍රම්ප් අතර අනිවාර්‍යෙන්ම ගැටුමක් ඇති වන බවට ඔහු අනාවැකි පළකළේය.
මේ අතර, පාප්වහන්සේගේ සොහොයුරා වන ජෝන් ප්‍රෙවෝස්ට් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත් වෙත පවසා ඇත්තේ, තම සහෝදරයා ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එකඟ නොවනු ඇතැයි තමා ද සිතන බවයි.
ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳ උන්වහන්සේ සතුටු නොවන බවත්, උන්වහන්සේ නිහඬව සිටිනු ඇතැයි තමන් නොසිතන බවත් ඔහු එහිදී පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart