
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයනය සඳහා නව බද්දක් පනවා ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සහ ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රතිචාර දක්වා තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ රජය නව බද්දක් හඳුන්වා දී නොමැති බවයි.
විනිවිදභාවය සහතික කිරීම සහ අවභාවිතය වැළැක්වීම සඳහා තනි භාණ්ඩ ආනයනය සඳහා පවතින බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කර ඇති බව ඔහු පැවසුවේය.
මීට පෙර, කිලෝග්‍රෑම් එකකට වඩා අඩු බරකින් යුත් පාර්සල් සඳහා රු.800, සහ ඇතැම් අවස්ථාවලදී යම් අගයකට වඩා අඩු ප්‍රකාශිත අයිතමවලට කිසිසේත්ම බදු අය නොකළ බවත්, ඉන්වොයිස් පත අවතක්සේරු කිරීමෙන් සහ බදු රහිත සීමාව අනිසි ලෙස භාවිත කිරීමෙන් මෙම ක්‍රමය දැඩි ලෙස සූරාකෑමට ලක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එහෙත් සංශෝධිත ක්‍රමය යටතේ, රේගු බදු දැන් ගණනය කරනු ලබන්නේ, භාණ්ඩයේ HS කේතය (Harmonized System Code) මත පදනම්ව වන අතර, එය හුදෙක් පාර්සලයේ බර මත රඳානොසිට භාණ්ඩයේ වර්ගය සහ ස්වභාවය මත සිදුකරන බවද ඔහු සඳහන් කරයි.
අධ්‍යාපනික හෝ පර්යේෂණ උපකරණ සඳහා ඒ ඔස්සේ බදු අය කෙරෙන බවට සිසුන් සහ පර්යේෂකයන් විසින් මතු කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම තත්වය තාවකාලික බව සහ අධ්‍යයන හා විද්‍යාත්මක අයිතම සඳහා නියාමන නිදහස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart