
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ණය වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ මෙතෙක් ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ සාකච්ඡා කර නොමැති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රකාශ කරයි.
එසේම අන්තර්ජාතික ආයතනික බදුකරණය සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කළ යුතුද නැද්ද යන්න පිළිබඳවත් කිසිදු නිර්දේශයක් ලබා දී නොමැති බවද IMF සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක සිය වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ආදායම් බලමුලු ගැන්වීම බවද මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය තුල අතිරේක ආදායම් උත්පාදනය ගැන සාකච්ඡා කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීමේ ප්‍රතිලාභ සහ අභියෝග සලකා බැලීම ඊට ඇතුළත් විය හැකි බවද වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart