
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබියදීත්, රජය විසින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් අඛණ්ඩව නොසළකා හරින්නේනම් වැදි ප්‍රජාවේ අයිතිවාසිකම් රට තුළ ආරක්ෂා නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දීමට සිදුවනු ඇතැයි වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.
ඔහු පවසන්නේ, ලෝක ආදිවාසීන්ගේ දිනය සැමරීම සඳහා අගෝස්තු 9 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක තම ගම්මානයට පැමිණි අවස්ථාවේ ආදිවාසීන් මුහුණ දෙන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වාදෙන බවට සහතික වූ බවයි.
ජනාධිපතිවරයා ද මේ බව පාර්ලිමේන්තුවේදී නැවත අවධාරණය කර ඇතත්, එවැනි සංශෝධන කෙටුම්පත් කරන බවට හෝ ඉදිරිපත් කරන බවට මෙතෙක් කිසිදු සලකුණක් නොමැති බව ඔහු පැවසීය.
“අපගේ ගැටළු පිළිබඳ අතීතයේ පත්වුණු රජයන් සමඟ සාකච්ඡා කරත්, ඒ හැම එකකින්ම විසඳුම් ලැබුණේ නැහැ. මුලදී වත්මන් රජය කෙරෙහි අපට යම් විශ්වාසයක් තිබුණා, නමුත් දැන් ඒ අයත් කලින් ආණ්ඩු අනුගමනය කළ මාර්ගයම අනුගමනය කරනවාද කියලා අපට සැකයි. අපේ මුළු ජීවන රටාවම වනාන්තරවලින් වෙන් කරන්න බැහැ. අපගේ ජීවනෝපාය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ආගමික පිළිවෙත් සියල්ලම වනාන්තරයට සම්බන්ධයි. වනාන්තර ප්‍රදේශවලට ඇතුළුවීම සඳහා පවතින සීමාවන් අපගේ අනන්‍යතාවට තර්ජනයක්.” ඔඅහු පැවසීය.
ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියක් ඇති බවත් ශ්‍රී ලංකාව එයට අත්සන් කර ඇති බවත් වන්නිල ඇත්තෝ පෙන්වා දුන්නේය.
එසේ තිබියදීත්, ජාතික මට්ටමින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොවන බව ඔහු පැවසීය.
“රජය අපේ අයිතිවාසිකම් දිගටම නොසළකා හැරියොත්, අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දෙන්න සිදුවනවා. තවමත්, මෙම රජය කෙරෙහි අපට යම් විශ්වාසයක් තියෙනවා, ඔවුන් ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.
2023 අගභාගයේදී, විශේෂයෙන් පත්කරන ලද කමිටුවක් විසින් කරන ලද නිර්දේශ මත පදනම්ව, වැදි ප්‍රජාවට කල් පවතින විසඳුම් ලබාදීම අරමුණු කරගත් නව පනතක් හඳුන්වාදීමට සැලසුම් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.
වැදි ජනතාව ක්‍රි.පූ. 6 වැනි සියවසට පෙර සිට ශ්‍රී ලංකාවේ වාසය කළ බවට විශ්වාස කෙරේ.
බොහෝ දෙනෙක් කාලයත් සමඟ මහ සමාජයට අන්තර්ග්‍රහණය වී ඇතත්, ප්‍රජා නායකයන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත් කිරීම හෝ ස්වදේශික ගැටළු විසඳීම සඳහා කැප වූ වෙනම අමාත්‍යාංශයක් නිර්මාණය කිරීම ඇතුළු විධිමත් නියෝජනයක් අඛණ්ඩව ඉල්ලා සිටී.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 169 වැනි සම්මුතිය (ආදිවාසී සහ ගෝත්‍රික ජනතා සම්මුතිය, 1989) සඳහා නීත්‍යනුකූල බැඳීමක් තිබුණ ද ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රකාශනයට නීත්‍යනුකූල බැඳීමක් නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart