
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව තිබේ.
ඔහුට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න මෙතෙක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශවී නොමැත.
වත්මන් පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
එම කාලය අදින් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයකු පත් කළ යුතුව තිබේ.
කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදේශගතව සිටින ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි පැවැසේ.
පොලිස්පතිධූරය සඳහා නව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය ලබාගත යුතුය.
මීළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන නිලධාරීන්ගේ නම් යෝජනා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart