November 7, 2026

​මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) කළමනාකාරීත්වය නැවත මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යටතට ලබාගැනීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙක තුළ මෙම ආයතනය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

​සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මෙම කරුණු හෙළිදරව් කළේය.