
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් MV-22B Osprey වර්ගයේ ගුවන් යානයක් අද (07) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟාවී තිබේ. මෙම ගුවන් යානය ඉන්දියන් සාගරයේ නතර කර ඇති ඇමෙරිකානු නාවික හමුදා නෞකාවක සිට පියාසර කර ඇත.
බෝයිං සමාගම මගින් නිෂ්පාදිත මෙම ගුවන් යානය හෙලිකොප්ටරයක් මෙන්ම ස්ථාවර පියාපත් සහිත සාම්ප්‍රදායික ගුවන් යානයක් ලෙසද එක ලෙස ක්‍රියාත්මක විය හැකි එකකි. එමගින් සිරස් අතට ගුවන්ගත වීමේ සහ ගොඩබැස්සවීමේ හැකියාව මෙන්ම සාම්ප්‍රදායික ගුවන් යානයක වේගය සහ දුර ප්‍රමාණය ගමන් කිරීමේ හැකියාවද සංකලනය කර ඇත.
එහි රෝටර් (rotors) හෙලිකොප්ටරයක ආකාරයෙන් සිරස් අතට ගුවන්ගත වීමට ඉහළටද, සාම්ප්‍රදායික ගුවන් යානයක් ලෙස පියාසර කිරීමට ඉදිරියටද නැඹුරු කළ හැක. මේ නිසා සාම්ප්‍රදායික ගුවන්පථයක් නොමැතිව වුවද මෙම Osprey ගුවන් යානයට ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 50 ක් පමණ දකුණින් නංගුරම් ලා ඇති ඇමෙරිකානු නාවික හමුදා නෞකාවකින් පිටත්ව ආ මෙම ගුවන් යානය අද පස්වරුවේ නැවත එම නෞකාව වෙත පියාසර කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart