
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වෙයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැති විජේසේකර ප්‍රකාශ කර ඇත්තේ, සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවයි.
කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපැයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති අතර දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බව ඔහු සඳහන් කර ඇත.
විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා නිකුත් කළ හැකි උපරිම ජලය පිළිබඳ විකල්ප අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart