
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්පාර මහ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති, මෙතෙක් භාරකරුවන් හෝ ඥාතීන් පැමිණ නොමැති හඳුනා නොගත් මළසිරුරු තුනක අයිතිකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
පොලීසිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලයින් තිදෙනා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි. ඇතැම් සිදුවීම් සිදුවී මාස කිහිපයක් ගතවී තිබුණද, මෙම සිරුරු හඳුනා ගැනීමට හෝ භාර ගැනීමට කිසිදු ඥාතියෙකු මෙතෙක් ඉදිරිපත් වී නොමැත.
පළමු පුද්ගලයා යූ ඩී ප්‍රනාන්දු නමැත්තෙකු ලෙස නම ලබාදී තිබුණද පදිංචි ලිපිනයක් සටහන් කර නොමැති මෙම පුද්ගලයා, 2026 මාර්තු 29 වන දින අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාර්තු 31 වන දින මියගොස් ඇත. මියයන විට ඔහු අවුරුදු 52 ක පමණ වයසැති, උස අඩි 5 අඟල් 3 ක් වන, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහ තරමක් දිගු කොණ්ඩයක් සහිත අයෙකි.
දෙවන පුද්ගලයා විජේරත්න යන නම සටහන් කර තිබුණද ලිපිනයක් නොමැති බව පැවසේ. 2026 ජූනි 24 වන දින රෝහල්ගත කිරීමෙන් පසු පසුදින (ජූනි 25) මියගොස් තිබේ. ඔහු වයස අවුරුදු 70 ක පමණ වන අතර උස අඩි 5 අඟල් 1 ක් වන, තද පැහැති සමක් සහිත සහ සිහින් සිරුරක් හිමි තරමක් වැවුණු කොණ්ඩයක් සහිත පුද්ගලයෙකි.
තෙවන පුද්ගලයාගේ නම හෝ තොරතුරු කිසිවක් සටහන් වී නොමැති අතර එම පුද්ගලයා 2026 අගෝස්තු 10 වන දින අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔක්තෝබර් 24 වන දින මියගොස් ඇත. ඔහු වයස අවුරුදු 70 ක පමණ, උස අඩි 5 ක් වන, තද පැහැති සමක් සහිත, සිහින් සිරුරක් සහ කෙටි කොණ්ඩයක් සහිත තැනැත්තෙකි.
මෙම මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට හෝ ඔවුන්ගේ ඥාතීන් සොයා ගැනීමට උපකාරී වන තොරතුරක් වෙතොත් 071-8591148 අංකය ඔස්සේ අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හෝ 063-2222222 අංකය ඔස්සේ අම්පාර පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
මෙම තොරතුරු ප්‍රචාරය කරමින් අදාළ සිරුරු හඳුනා ගැනීමට සහාය වන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart