
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට කැමති පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීම ක්‍රියා පටිපාටිය නොවන බවත්, ඒ වෙනුවට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබාදෙන තොරතුරු විමර්ශනය කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළකළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේවෙතත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පසු පොලිසිය නීතිපතිවරයාට සහ අධිකරණයට දැනුම් දෙන බව ඔහු අවධාරණය කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පුද්ගලයන් කිහිපදෙනකු කරන ඉල්ලීම් පදනම් විරහිත බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart