
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් ඔහු පවසා ඇත්තේ, නේපාලයේ කත්මන්ඩු ප්‍රදේශයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ආයතන කිහිපයක් තමාගේ අවධානයට යොමුකර ඇති අතර ඒ පිළිබඳව විමසා සිටි බවයි.
නේපාලයේ සියලු ආකාරයේ ඝාතන හෙළාදකින බවත්, හිටපු අගමැතිවරයාගේ නිවසට ගිනිතැබීම සහ හිටපු අගමැතිවරයාගේ බිරිඳ ඝාතනය කිරීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බවත් එහි සඳහන් කර තිබේ.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ සිය නිවේදනයෙන් පෙන්වාදෙන්නේ එම ඝාතනය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන බවයි.
එමෙන්ම විදේශ අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යවරුන්ට එල්ල වූ ප්‍රහාර ද, සිදුවී ඇති ඛේදවාචකයේ තවත් දිගුවක් බවත්, කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වීම වැනි ක්‍රියා නේපාලයේ කීර්තිනාමයට කැළලක් ඇති කර ඇති බවත් ඔහු පවසා තිබේ.
කත්මණ්ඩුවේ තත්ත්වය මෙතරම් දුරදිග නොයා තිබිය යුතු වූ බවත්, පොලිසිය විසින් වෙඩි තැබීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවත්, පළමු දිනයේදීම වෙඩි තැබීමකින් තොරව උද්ගත වූ තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ, මෙවැනි සිදුවීම් ඇතිවීමට ඇති ඉඩකඩද භයානක තත්ත්වයක් බව සහ ඇමරිකාවට අයත් Google, Facebook, YouTube වැනි සමාජ මාධ්‍ය සමාගම් ලොව පුරා රටවල ආණ්ඩු පෙරළීමට පවා මතුව ඇති තත්වය සුළුකොට තැකිය නොහැකි බවයි.
නේපාලයට දීර්ඝ කාලයක සිට ගැටලු ගණනාවක් තිබුණ ද ඒවා ගැන රජය අවධානය යොමුකර නොතිබිණි.
”උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් නොසොයා දකුණු ආසියාතික සම්ප්‍රදායට අනුව එදිනෙදා දේශපාලනයට සියල්ලෝම අවධානය යොමුකළහ. මෙය තරුණ පරම්පරාව තුළ දැඩි කලකිරීමක් ඇති කර තිබේ.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර සමාජ මාධ්‍ය වෙත අවධානය යොමු නොකර සම්පූර්ණයෙන් තහනම් කිරීම හේතුවෙන් ද අර්බුදය මතුවිය.
පාර්ලිමේන්තුව සහ උසාවිය ගිනි තැබීම නේපාලයේ ප්රජාතන්ත්රවාදයට කරන විශාල අගෞරවයක් බව ද ඔහු පවසයි.
කෙසේවෙතත් අවසානයේ ඉතිරි වූයේ ව්‍යවස්ථාවක් නැති නේපාලයක් පමණක් බවත්, රටේ සාමය ස්ථාපිත කර ව්‍යවස්ථාවට අනුව මැතිවරණය පැවැත්වීම බලය ලබාගත් හමුදාවේ වගකීම බවත් රනිල් වික්‍රමසිංහ සිය නිවේදනයේ පෙන්වා දී තිබේ.
බුදුන් උපන් දේශය වන නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂී රටක් බැවින් එවැනි රටක මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ඉවසිය නොහැකි බව ද ඔහු පැවසුවේය.
රාජ්‍ය පාලනයේ දී පෙන්නුම් කරන නොහැකියාව ද මේ තත්ත්වයට හේතු වී ඇතැයි සිතිය හැකි බවත්, සමගියෙන් රැස් වීම, සමගියෙන් සාකච්ඡා කිරීම සහ සමගියෙන් විසිර යාම බුදුන් වහන්සේගේ දේශනාවක් වන බැවින් නේපාලයේ වත්මන් රජය බුදුන් වහන්සේ දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” ආදර්ශයට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart