
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“හරක් කටා” නමැති කුප්‍රකට පාතාල නායක නදුන් චින්තකට පනවා ඇති රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අභියාචනාධිකරණය ලබන සතියේ (15) දින නියම කර තිබේ.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන “හරක් කටා” විසින් ගොනුකරන ලද රිට් අයදුම්පතක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර පෙත්සමට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
මිනීමැරුම්, මිනීමැරීමට තැත්කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අධිකරණවල අවම වශයෙන් නඩු 23ක් පමණ “හරක් කටාට” එරෙහිව පවතින බව ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තර්ක කළේ පෙත්සම්කරු සිය පෙත්සමෙන් මෙම තොරතුරු හෙළිකර නොමැති අතර එමගින් විනිවිදභාවයේ අඩුවක් පෙන්නුම් කරන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 15 සිකුරාදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart