
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවන් සඳහා පවතින මාතෘ නිවාඩු කාලය දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ගවේෂණය කරමින් සිටින බව වාර්තා වේ.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ පවසන පරිදි අදාළ වයසේ දරුවන්ට මව්කිරි ලබාදීම සහතික කිරීම සහ පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ඒ ආශ්‍රිත වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් යෝජිත වැඩසටහනක කොටසක් ලෙස මෙම කරුණ සලකා බලනු ලැබේ.
වර්තමානයේ බොහෝ මව්වරුන්ගේ කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් තම දරුවන්ට මව්කිරි ලබාදීම නොසළකා හරින බව රාජ්‍ය ඇමැතිනිය පවසයි.
මව්කිරි නොමැතිකම හේතුවෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම අඩුවීමට අමතරව, විවිධ ආනයනික කිරිපිටි භාවිතය හේතුවෙන් දරුවන් විවිධ රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කරයි.
“දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් යෙදවීමට අපි සැලසුම් කර තිබෙනවා. කාන්තාවන් සඳහා මාතෘ නිවාඩු ලෙස දැනට ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කිරීමේ හැකියාව ද අපි සොයා බලනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart