
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී ඇත.
එසේම මේ සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේද මේ වනවිට උණුසුම් කතාබහක් නිර්මාණය වී පවතී. ඔහු එම කමිටුව විශ්වාස කර මෙම ප්‍රකාශය කර ඇතැයි පැවසෙන්නේ, පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදීය. එම ප්‍රකාශය මන්ත්‍රී නිෂාම් කාරියප්පර් ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මෙම ආන්දෝලනාත්මක තත්ත්වය මතුව ඇත.
මෙම සිද්ධිය පදනම් කරගෙන නිශාම් කාරියප්පර් මන්ත්‍රීවරයාට කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයිද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු ප්‍රධානීන් පෙන්වාදෙන්නේ කාරක සභාවක හෙළිදරව් කෙරෙන කරුණක් එම කාරක සභාවේ අනුදැනුමකින් තොරව මෙසේ ප්‍රසිද්ධියට පත්කිරීම බරපතළ වරදක් බවයි.
මේ අනුව ඉදිරියේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කථානායකවරයා බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ එම සිද්ධියට අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගතයුතු බවයි.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart