
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල සිදුකළ ප්රකාශ මගින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හිටපු ජාතික පාපැදි පුහුණුකරුවකු සහ විනිසුරුවකු වන, ජපුර හඬ සංවිධානයේ සාමාජිකයකු හා ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්රික් ක්රියාකරුවකු වන උපාලි රත්නායක සහ රජරට විශ්වවිද්යාල හඬ සංවිධානයේ ක්රියාකාරී සාමාජිකයකු වන විශ්රාමික ගණකාධිකාරී දීපාල් තිලකරත්න විසින් මෙම පැමිණිල්ල ගොනකර ඇත.
පසුගිය 26 වැනිදා පැවැත්වූ ජනමාධ්ය හමුවකදී උදය ගම්මන්පිල අනුරාධපුර පූජාභූමි සංරක්ෂණ ව්යාපෘතිය සම්බන්ධයෙන් අසත්ය හා පදනම් විරහිත ප්රකාශ සිදුකර ඇති බව පැමිණිලිකරුවෝ පෙන්වාදෙති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් මහජන විරෝධතා පවතින පසුබිමක, එවැනි ප්රකාශ මගින් බෞද්ධ ජනතාව කුපිත කර සමාජය තුළ ආගමික නොසන්සුන්තාවක් සහ සාමය කඩවීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට ගම්මන්පිලට චෝදනා එල්ල වේ.
ඒ අනුව, අදාළ ප්රකාශ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා නීතිය ක්රියාත්මක කරන ලෙසයි පැමිණිලිකරුවන් CID යෙන් ඉල්ලා ඇත.
පූජා සැලැස්ම යටතේ උමං මාර්ග හාරා රුවන්වැලිමහාසෑය ඇතුළු චෛත්යවලට ඒවා ගිලා බැස විනාශ වීමක් සිදුවන බවට ද, භූගත නගර නිර්මාණය කරන බවටද, හින්දු කෝවිල් ඇතුළු අනෙකුත් ආගමික ස්ථාන නිර්මාණය කරන්නට යන බවටද ගම්මන්පිල විසින් සාවද්ය ප්රකාශයන් සිදුකර ඇති බව පැමිණිලිකරුවෝ පවසති.
පොදු සේවා කලාපය තුළ මත්පැන් අලෙවිසැල් සහ ස්පා වැනි ස්ථාන ඇතිවීමේ අවදානමක් පවතින බවට ද ගම්මන්පිල එම ජන්මාධ්ය හමුවේදී ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart