
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට තම පක්ෂය අදහස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
දිසානායක මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික සංසදයක් අමතමිනි.
“ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා සහ ගනුදෙනු සියල්ල අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන කූඩයේ තියෙන්නේ. සමස්ත අනාගත වැඩසටහන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ බැඳී තිබෙනවා. ඒ නිසා කවුරුහරි ඒකපාර්ශ්විකව මේ වැඩපිළිවෙළෙන් ඉවත් වෙන්න තීරණය කරනවා නම් ඒක පුරවැසියන්ට සහ රටට ඇති වගකීමෙන් ඉවත්වීමක්.” යනුවෙන් දිසානායක සඳහන් කළේය.
කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා නියම කර ඇති ඇතැම් පරාමිතීන් අනිවාර්යයෙන්ම අහිතකර නොවන නමුත් මෙම ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින බව ඔහු අවධාරණය කළේය.
“මෙම ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ යෝජනා තියෙන්න පුළුවන්. අපගේ සියලු සාකච්ඡා සහ සංශෝධන ඔවුන්ගේ සහ අපගේ ඉලක්ක කියන දෙකේම රාමුව තුළ තමයි තිබෙන්නේ,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart