
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් විසින් කොළඹ අල්ටෙයාර් සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතියේ සහ කොල්කටාහි සවුත් සිටි සාප්පු සංකීර්ණයේ හි අලෙවි නොකළ කොටස් සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් වෙතින් ඉන්දීය රුපියල් කෝටි 3,250කට මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.
‘මිලේනියම් පෝස්ට්’ පුවත්පතට අනුව, මෙම ගනුදෙනුව කොල්කටා හි විශාලතම දේපල අත්පත් කරගැනීම ලෙස සැළ කේ.
එමගින් නිරූපණය වන්නේ කොල්කටා හි දේපළ වෙළඳපොළට බ්ලැක්ස්ටෝන් සමාගමේ උපායමාර්ගික ප්‍රවේශය බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
කොල්කටා හි පිහිටි සවුත් සිටි සාප්පු සංකීර්ණය සිල්ලර වෙළඳසැල් 150කට අධික සංඛ්‍යාවක් සහ ඉහළම සන්නාම සහිත වෙළඳසැල් පවතින ප්රමුඛ සාප්පු සංකීර්ණයකි.
මෙම වෙළඳ සංකීර්ණය වාර්ෂික පිරිවැටුමෙන් රුපියල් කෝටි 1800ක් උපයා ගන්නා අතර උපරිම කාලසීමාවන්හිදී පාරිභෝගිකයන් 150,000ක් පමණ පැමිණේ.
සවුත් සිටි සමූහ ව්‍යාපාරය විසින් සංවර්ධනය කරන ලද කොළඹ පදනම් වූ නේවාසික නිවාස සංකීර්ණයක් වන ඇල්ටෙයාර් හි අලෙවි නොකළ සුඛෝපභෝගී ඒකක මිලදී ගැනීම ද මෙම ගනුදෙනුවට ඇතුළත් ය.
මෙම ගනුදෙනුව සඳහා පහසුකම් සපයා ඇත්තේ, සුවිශේෂී උපදේශකයා ලෙස කටයුතු කළ ඇනරොක් සමූහය විසිනි.
ඇනරොක් හි සභාපති අනුජ් පූරි පවසා ඇත්තේ, මෙම ගනුදෙනුව දකුණු ආසියාව පුරා ඉහළ ක්‍රියාකාරී සුඛෝපභෝගී නේවාසික අංශ කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය පිළිබිඹු කරන්නක් බවයි.
මෙම පියවර සමඟින්, බ්ලැක්ස්ටෝන් ඉන්දියාවේ සිල්ලර සහ නේවාසික අංශවල දිගුකාලීන වටිනාකම් නිර්මානය කිරීම සඳහා වන සිය හැකියාව ශක්තිමත් කරයි.
කොල්කටාවේ සහ කොළඹ ප්රමුඛ වත්කම් දෙකක් අත්පත් කර ගැනීමට එම සමාගම සිය ගෝලීය විශේෂඥතාව උපයෝගී කර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart