
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර තුනක කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් 03ක් පමණ විනාශ කිරීමට නොහැකිව අධිකරණ සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තු භාරයේ පවතින බව අනාවරණය වේ.
අත්අඩංගුවට ගන්නා හෙරොයින් ගැඹුරු මුහුදේ දැමීම හෝ සෙන්ට්‍රිගේඩ් අංශක දහසක උෂ්ණත්වය යටතේ පිළිස්සීමට අවශ්‍ය වුවත් ඒ සඳහා ඉඩක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (7 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවැති ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමේදී පෙන්වා දුන්නේය.
පරිසරවේදීන්ගේ විරෝධය නිසා මත්ද්‍රව්‍ය මුහුදේ දමා විනාශ කළ නොහැකි බවත්, අධික ඌෂ්ණත්වයක් යටතේ පිළිස්සීම සඳහා තැනක් නොමැති බවත් මෙහිදී අනාවරණය වී ඇත.
2020 සිට අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් තුනක් අධිකරණ හා රස පරීක්ෂක භාරයේ තවමත් ඇති බවත්, නිසි අධික්ෂණයක් නොමැති වීමෙන් කුඩු ගෝනි පිටි ගෝනි බවට පත්විය හැකිබව මෙහිදී පෙන්වා දී ඇත.
මෙම තත්ත්වයන් මත ඉදිරියේදී කුඩු තොග අත්අඩංගුවට ගත් සැණින් රජයේ රස පරීක්ෂක ලවා සාම්පල් ලබාගෙන මහෙස්ත්‍රාත් නියෝගයකින් ඒ මොහොතේම විනාශ කරන යෝජනා ඉදිරිපත් කර ඇතැයි මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත.
මත්ද්‍රව්‍ය නියාමනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව කළ විමසුමකදී මේ බව අනාවරණය විය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සමග ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙයට එක්වූහ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart