
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස වැඩ භාරගත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද පැවැසීය. .
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවත්, පක්ෂයේ මහලේකම්වරයා ඉක්මනින් තීරණයක් ගනු ඇති බවත්ය.
මන්ත්‍රීවරයා කියාසිටියේ, පක්ෂයේ ව්‍යවස්ථාව සහ නීතියට අනුව වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ඉක්මණින්ම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවයි.
ඒ අනුව, ඇමැති රාජපක්ෂට පක්ෂ සාමාජිකත්වය අහිමි විය හැකි බවත්, එමගින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි වන බවත් ඔහු පැවසීය.
“විජයදාස රාජපක්ෂ ඇමතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔහු වෙනත් විරුද්ධ දේශපාලන පක්ෂයක සභාපතිකම ලබාගෙන වරදක් කර තිබෙනවා. ඒ නිසා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අහෝසි වෙනවා. ඒ නිසාම ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙන්න පුළුවන්” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart