
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
17 වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැන්නෙකුගෙන් තමා කිසිවිටෙක උපදෙස් නොගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කරුණක් වන ‘ජනවරම’ නොතේරුණු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉගැන්වීමට ඉදිරිපත් වීම මහා විහිළුවක් බව අගමැතිවරිය පැවැසීය.
අද (31) පැවති ජන හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
“රනිල්ගෙන් මම කවදාවත් උපදෙස් ගන්නෙ නෑ.. 17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කරලා.. යන්නෙ නෑ, තාම එල්ලිලා ඉන්නවා.. ජනතාව වෙනස් වෙලා, ජනතාව ප්‍රතික්ෂේප කළා කියලා තේරුම් ගන්න බැහැ,” යැයි ඇය සඳහන් කළාය.
පහතින් දැක්වෙන්නේ අගමැතිනියගේ එම ප්‍රකාශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart