
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය ඇතුළේ නෝර්වේ කණ්ඩායම වගේම ඒකේ ප්‍රධාන තරුව වෙන අර්ලින් හාලන්ඩ් (Erling Haaland) මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඉන්න බව රහසක් නෙවෙයි. හැබැයි මේ වෙනකොට ක්‍රීඩා පිටියෙන් එහාට ගිහින් තාක්ෂණික ලෝකයෙත් හාලන්ඩ්ගේ නම ජනප්‍රිය වෙලා..
විශ්වාස කරන්න, ඔයාලා දැනුත් Google එකට ගිහින් Erling Haaland කියලා සර්ච් කලොත් පුදුම හිතෙන දෙයක් බලාගන්න පුළුවන්. Google සමාගම හාලන්ඩ් වෙනුවෙන් විශේෂ ඇනිමේෂන් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඔයාලා ඔහුගේ නම සර්ච් කරපු ගමන් ස්ක්‍රීන් එක හරහා නෝර්වේ සංස්කෘතිය විදහා දක්වන ‘වයිකින්ග්ස්වරු’ හත්දෙනෙක් ඔරුවක් පදින කාටූන් ඇනිමේෂන් එකක් මතුවෙනවා.
මෙම සැමරුම මේ වෙනකොට නෝර්වේ රසිකයන් අතර අතිශය ජනප්‍රියයි. තරඟ නරඹන රසිකයන් පිටිය පුරා “හූ” කියමින් මේ ඔරු පැදීමේ චලනය අනුකරණය කරනවා. මේ ගැන හාලන්ඩ් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් කියලා තිබුණේ, “අද කරන්න එකම එක දෙයක් තියෙනවා… Google එකේ මගේ නම සර්ච් කරලා බලන්න!” කියලායි.
ලෝක කුසලාන තරඟ 5කදී ගෝල 7ක් ලබාගෙන නෝර්වේ කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට 25 හැවිරිදි හාලන්ඩ් සමත් වුණා. මෙන්න මේ සුවිශේෂී ගෝල 7 වෙනුවෙන් තමයි Google එකෙනුත් වයිකින්ග්ස්ලා 7 දෙනෙක්ව ඇනිමේෂන් එකට දාලා තියෙන්නේ!
කොහොම වුණත් නෝර්වේ කණ්ඩායමේ ඊළඟ මහා සටන තියෙන්නේ ජූලි 11 වෙනිදා (ලංකාවේ වෙලාවෙන් ජූලි 12 පාන්දර) ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. එදාටත් හාලන්ඩ්ට මේ වයිකින්ග් සැමරුම කරන්න ලැබෙයිද කියලා රසිකයෝ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart