
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සම්කරුගේ කරුණු දැක්වීම
පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ බව ය.
ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වාදුන්නේය.
ඉන් අනතුරුව තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද, නීතිපතිවරයා එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
‘මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය වැරදිසහගතයි’ – පෙත්සමේ නීතිඥ
මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදිසහගත බවත් මේ තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු, පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කළ අතර, විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 25 වන දා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.
(BBC සිංහල)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart