May 25, 2025

සංවිධායකයන්ට චෝදනා කරමින් 2024 වසරේ එංගලන්ත රූ රැජින වූ මිලා ෆෙනී, මෙවර ලෝක රූ රැජින තරඟයෙන් පසුගියදා ඉවත්විය.

ධනවත් පිරිමි අනුග්‍රාහකයන්ට ‘විනෝදාස්වාදයක්’ ලෙස තරගකාරියන් සූරාකෑමට ලක්කරන බවට ඇය චෝදනා කර තිබේ.

23 හැවිරිදි ෆෙනී, මැයි 16 වැනි දින ඉතිහාසයට එක් වූයේ, තරඟාවලියේ 74 වසරක ඉතිහාසයේ එම තරඟයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වූ පළමු එංගලන්ත රූ රැජින බවට පත්වෙමිනි.

ඇයගේ හදිසි ඉවත්වීම පෞද්ගලික හේතූන් මත සිදු වූ බවට සංවිධායකයන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අයුතු ලෙස සැලකීම සහ චිත්තවේගීය පීඩාව පිළිබඳ රූ රැජින නගන චෝදනා සමඟ ඇය දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත.

ද සන් පුවත්පතට අනුව, ෆෙනී පැවසුවේ “ධනවත් පිරිමි අනුග්‍රාහකයින් ඉදිරියේ පෙනී සිටීමට” සැලැස්වීම නිසා තීරණයක් ගැනීමට සිදු වූ බවයි.

ඇය එම අත්දැකීම පහත් ලෙස විස්තර කළ අතර එය ‘විනෝදාස්වාදය සඳහා පුහුණු කිරීම’ හා සමාන කළාය.

ඇය හෙළි කළ පරිදි, තරඟකාරියන් සෑම විටම වේශ නිරූපණය කළ යුතු බවත්, ආහාර ගැනීමට පැමිණීමේ දී පවා විධිමත් ඇඳුමින් සැරසී සිටිය යුතුය.

ඇය පැවසුවේ, පරිත්‍යාගශීලීන්ට ‘ස්තුති කිරීමේ’ පියවරක් ලෙස මැදිවියේ පිරිමින්ට සංග්‍රහ කිරීමට ඉල්ලා සිටි බවයි.

අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම තරුණියන් දෙදෙනෙකු සිටි බවත් එය ගණිකාවක් ලෙස හැඟෙන්නට සැලැස්වූ බවත් ඇය සඳහන් කර ඇත.

ෆෙනීගේ ඉවත්වීම රූපලාවන්‍ය තරඟවලදී කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳ නව විවාදයක් ඇති කර තිබේ.

ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී ඇයගේ ස්ථානය වත්මන් ලිවර්පූල් රූ රැජින සහ නිල අනුශූරිය වන 25 හැවිරිදි චාලට් ග්‍රාන්ට් විසින් ගනු ඇත.