
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත්, තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ, තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවයි.
“පැමිණිලිකරු මමයි. පැමිණිල්ල සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. පැමිණිල්ලක් කියන්නේ ප්‍රකාශයක්. පැමිණිලිවල සියලුම විස්තර ඇතුළත්. කවදා හරි පැමිණිල්ලට අදාළව වැඩි විස්තර ලබාගන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් තියෙනවා.”
අමාත්‍යාංශයේ පැවැති සමාලෝචන සාකච්ඡාවකදී ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය පිළිබඳව දැනගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමු පැමිණිල්ල සිදුකර ඒ සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුවට පිටු දෙකක ලිපියක් ද ලිවූ බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart