
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස තේරී පත්ව සිටියි.
1985 දී උපත ලද ව්‍රායි බල්තසාර් කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ.
ඇය විලාසිතා නිර්මාණකරණය පිළිබඳ උපාධියක්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එම ක්ෂේත්රයේම ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
දේශපාලනයට පිවිසීමට පෙර ව්‍රායි, මෙරට රූපවාහිනියේ නිරන්තරයෙන් දක්නට ලැබුණු හුරුපුරුදු මුහුණක් වූ අතර, නිවේදිකාවක ලෙස ඇයට දශකයකට ආසන්න පළපුරුද්දක් තිබේ.
ඇය ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ඔස්සේ ජනතාවට වඩාත් සමීප විය.
2018 වසරින් පසු රූපවාහිනී තිරයෙන් ඔබ්බට ගිය ඇය සිවිල් සමාජ සහ පර්යේෂණ යන ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාකාරීව කටයුතු කළාය.
විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු කළ ඇය කාන්තා හා ළමා අයිතිවාසිකම් කෙරෙහි මැදිහත්වී කටයුතු කළාය.
නාගරික සංවර්ධනය පිළිබඳ පර්යේෂකවරියක් ලෙස ඇය කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට නගර සැලසුම්කරණය බලපෑවේ කෙසේදැයි සොයාබැලීමෙහි ද නිරත වෙමින් ජනතාව සමග සමීප විය.
එම කටයුතු සහ බිම් මට්ටමෙන් ගෙන ගිය වැඩසටහන් නිසා ඇය ප්‍රජා උපදේශකයෙකු ලෙස ජනතාව අතරින් අනන්‍යතාවය ගොඩනගා ගත්තාය.
ව්‍රායි කැලී බල්තසාර් දේශපාලනයට පිවිසියේ ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය ලබාදුන් සන්ධානය වන ජාතික ජන බලයවේගය හරහාය.
ඇය 2021 දී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයට නිල වශයෙන් සම්බන්ධ වූවාය.
2023 පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් ප්රමුඛ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට මුලින් සැලසුම් කර තිබූ බල්තසාර් එය කල්දැමීම නොතකා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කළාය.
ඒ හමුවේ ඇය කොළඹ දිස්ත්‍රික්කය තුළ එම පක්ෂයේ කැපීපෙනෙන සාමාජිකාවක විය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ බල්තසාර් එහිදී මනාප 44,633ක් ලබාගත්තාය.
එමෙන්ම මැයි 6 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී බල්තසාර් තිඹිරිගස්යාය කොට්ඨාශයෙන් කොළඹ මහනගර සභාවට තරග කළ අතර එහිදී කොට්ඨාශයේ ඡන්ද 2,094 ක් හිමිකර ගනිමින් තේරී පත්වූවාය.
අනතුරුව ඇයව නගරාධිපති ධූරයට නම්කරන ලදී.
එම ධූරය සඳහා අද පැවැති ඡන්ද විමසීමේදී බල්තසාර් සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා පරාජයට පත්කරමින් ඡන්ද 61 ක් ලබා කොළඹ නගරාධිපති ධූරයට පත්විය.
2018 වසරේ එම ධූරය දැරූ රෝසි සේනානායකගෙන් පසු කොළඹ නගරාධිපතිධූරයට පත්වූ කළ දෙවැනි කාන්තාව ඇයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart