
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
15 හැවිරිදි පාසල් දරුවකුට වසරකට ආසන්න කාලයක් වරින් වර ලිංගික අතවර කළ බව කියන මාරවිල ප්‍රදේශයේ දේවස්ථානයක පැවිදි පූජකවරයකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින පූජකවරයා රටින් පැනයෑමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය මෙම සිද්ධියට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර සැකකරු රටින් පලා යෑමට උත්සාහ කළහොත් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ලබාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයාගේ දෙමාපියන් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මූලාශ්‍රවලට අනුව, හොඳ අධ්‍යාපනයක් ලබාදෙන බවට පොරොන්දු වී දරුවා පල්ලියට ගෙනැවිත් ඇති අතර පසුව 2021 සිට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇත.
වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart